ගැහැණුකම(සoස්කෘතියෙන් විලoගු දැමුණු)
පෙර අපර දෙදිගෙහිම
පවතීවි
හරසරින් පිළිගැනෙන
"සoස්කෘතියක්"
උදම් අනාවි
තවත් අය පාගමින්...
තම සoස්කෘතිය ගැන,
පුදුමයකි.....!!!
පෙරදිග සoස්කෘතියෙ
දැඩිව පවතීවි
නුඔ,
"ස්ත්‍රියක්",
"බිරිදක්",
"මවක්",
යන බව...
උපතින්ම උරුමවුණු
ගැහැණුකමට ම
තවත් පීඩිත ජීවයක්
ලබාදුන් සoස්කෘතිය....
නුඔ,
කළා ලොකු සරදමක්
පීඩිත
ගැහැණුකමට ම...
සැබැවින්ම ඇය
සoස්කෘතියෙන්
විලoගුලා
තැබූ...........
No comments:
Post a Comment
පාඨක ඹබගේ අදහස් මෙතනින් අපට යොමු කරන්න